Home Local මංගල පැමිණි උත්සවයට හිමිවරුන් හතළිස්නමක් – PHOTOS

මංගල පැමිණි උත්සවයට හිමිවරුන් හතළිස්නමක් – PHOTOS

283
0

තමන්ට පන්සල් තහනම් ඇත්තේ කුමන වරදකටද යන්න තමා නොදන්නා බවත් තමා ගම්පහ දිස්ත්‍රික්කය සහ ලංකාව පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට විශාල මුදලක් වෙන්කර ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියා.

විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හා මාතර දිස්ත්‍රික්කයේ පන්සල් තුළට අමාත්‍යවරයා වැද්ද නොගැනීමට විහාරාධිපතිවරුන් පිරිසක් තීරණය කිරීම පිළිබඳව මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවා.

අමාත්‍යවරයා සහභාගී වන උත්සව වර්ජනය කිරීමට මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය තීරණය කර තිබු නමුත් ඊයේ (09) මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයේ පැවති සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී එවැන්නක් සිදුවූයේ නැහැ.

ඒ සදහා විහාරාධිපති හිමිවරු ඇතුළුව භික්ෂූන් වහන්සේලා 40 නමක් පමණ වැඩම කර සිටියා.

එහිදී අමාත්‍යවරයා වෙනදාට වඩා එම හිමිවරුන්ට සමීප වී කටයුතු කළ අයුරු ද දැක ගන්නට ලැබුණා.

Image may contain: 4 people
Image may contain: 4 people, people smiling, people sitting
Image may contain: 2 people, people sitting
Image may contain: 6 people, people sitting
Image may contain: 6 people, people standing and outdoor
Image may contain: 2 people

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here