Home Hit පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපති අතට

184
0

2019 අප්‍රේල් මස 21 වනදා දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පසුගිය අප්‍රේල් 22 වනදා ජනාධිපතිතුමා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලැබුවා.

අදියර 02කින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා 02ක් ද මීට පෙර ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here