Home Hit කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කරයි

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කරයි

295
0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරමින් තිබූ ආරක්ෂක පියවරයන් කීපයක් ඊයේ (10) දින දහවල් 12.00 සිට ලිහිල් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සදහන් කරනු ලැබුවා.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිටත්වීම සහ පැමිණීම වෙනුවෙන් පැමිණෙන එක් ගුවන් මගියෙකුට තමන් සමග අමුත්තන් දෙදෙනෙකුට, ගුවන් තොටුපළ පිටත්වීමේ හෝ පැමිණීමේ පර්යන්ත වල ඇති ආලින්ද (ලොබි) වෙත පිවිසීමට අවසර ලබා දී තිබෙනවා.

මීට පෙර ආරක්ෂක හේතූන් මත ගුවන් මගීන්ට හැර, වෙනත් කිසිවෙකුට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළ පිහිටි ආලින්දයන් වෙත ඇතුළුවීම අත්හිටුවා තිබුණා.

ඊට අමතරව ගුවන් තොටුපළ තුළ පිහිටි පිටත්වීමේ දොරටුව ද ඊයේ දහවල් 12.00 සිට යළිත් විවෘත කර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

රටේ සහ විශේෂයෙන්ම ගුවන් තොටුපළ පිළිබඳව ආරක්ෂක අංශය සිදුකළ සමාලෝචනයන්, විශ්ලේෂණයන් සහ නීරීක්ෂන මෙම තීරණ ගැනීම සදහා ඉවහල් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආරක්ෂක ගැටළු ඇතිවීමට පෙර ගුවන් මගීන් වෙනුවෙන් පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් වෙත සීමාකිරීමකින් තොරව ප්‍රවේශ පත්‍ර මිලදීගෙන අමුත්තන්ට පිවිසීමට හැකියාව තිබුණා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here