Home Local ඉදිරියේදී වැසි වැඩිවෙයි

ඉදිරියේදී වැසි වැඩිවෙයි

196
0

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්.

දිවයින හරහා, විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වලට විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here