Home Hit අපි ලෝකයේ මහා ජාතියක්. බියේ නොසිට යළි නැගිටින්න – හිස්බුල්ලා මුස්ලිම් ජනතාවට...

අපි ලෝකයේ මහා ජාතියක්. බියේ නොසිට යළි නැගිටින්න – හිස්බුල්ලා මුස්ලිම් ජනතාවට කියයි.

411
0

රටේ පවතින තත්ත්වය හමුවේ මුස්ලිම් ජනතාව තවදුරටත් නිවෙස් වල බිය ගැන්වී නොසිට හිස ඔසවා නැගී සිටිය යුතු බව නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා. ඔහු පවසන්නේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් බවයි. 

මුස්ලිම් ජනතාව පහසුවෙන් බිය ගන්වා තැබිය හැකි යැයි කිසිවෙකුත් නොසිතිය යුතු බවද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. අපගේ ශක්තිය ඇත්තේ එකමුතුකම තුළ බවයි ඔහු අවධාරණය කරන්නේ. එලෙස එකමුතුව රැදී සිටීම මත මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව, අයිතීන් දිනා ගැනීම සහ යළිත් රටතුළ හිස ඔසවා ජීවත් වීම වැනි කරුණු රදා පවතින බවද හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා පවසනවා. ඉකුත් දා මුස්ලිම් මන්ත්‍රීවරු සිය අමාත්‍යධූර පරිත්‍යාග කළේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙම අදහස් පළකර ඇත්තේ කාත්තන්කුඩි නගරයේ ඉස්ලාම් දේවස්ථානයකදීයි.

උපුටා ගැනීම – නෙත් නිවුස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here