Home Hit මම නියම වෙලාවට එනවා – සජිත් (Video)

මම නියම වෙලාවට එනවා – සජිත් (Video)

507
0

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා අද (08) දින අනුරාධපුරය මිහින්තලය රජමහා විහාරය, රුවන්වැලි සෑ විහාරය හා මිරිසවැටිය විහාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට නිරත විය.

එහිදී මිහින්තලය රජ මහා විහාරයේ මහ සෑ මළුව සකස් කිරීම, ආරක්ෂිත වැට ඉදිකිරීම, පඩි පෙළ සකස් කිරීම, මිහිඳු සෑය ප්‍රතිසංස්කරණය කිරීම, ධර්ම ශාලාව ඉදිකිරීම යන සංවර්ධන වැඩසටහන් ඉතා ඉක්මනින් ආරම්භ කර එය දින වකවානු සමඟ අවසන් කිරීමට අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

“සංචාරය තුළ අඩු පාඩුකම් සියල්ලම අවබෝධ කර ගත්තා. අඩුපාඩුකම්, ඌනතාවයන් නිවැරැදි කිරීමේ වැඩසටහන දිනවකවානු සහිතව අප ක්‍රියාත්මක කරනවා.

මිහින්තලය පුදබිමේ ඓතිහාසික අභිමානය වෙනුවෙන් අපට ගත හැකි සියලුම පියවර ගන්නට අප කටයුතු කරනවා.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ මොහොතේ සිට සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලටම යොමු කර ඒ සියල්ල අංග සම්පූර්ණව අවසන් කරනවා.

විහාරාධිපති නාහිමියන් ඉදිරිපත් කළ සියලුම ඉල්ලීම් සංශෝධනය නොකර දිනවකවානු සමඟ ඉටු කරන්නට අප කටයුතු කරනවා.” යනුවෙන් එහිදී අමාත්‍යවරයා පැවැසීය.

පසුව පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ තමන් නියම වෙලාවේදී පැමිණෙන බවයි

මම නියම වෙලාවට එනවා

මම නියම වෙලාවට එනවා

Posted by Ada Derana Sinhala on Saturday, June 8, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here