Home Hit පාර්ලිමේන්තු කාරක සභාවේ වැඩ නවත්වන තුරු යලි කැබිනට් රැස්වීම් නැහැ – ජනපති

පාර්ලිමේන්තු කාරක සභාවේ වැඩ නවත්වන තුරු යලි කැබිනට් රැස්වීම් නැහැ – ජනපති

595
0

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩකටයුතු වහාම අත්හිටුවන ලෙසත් එසේ අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම් නොපවත්වන බවත් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කල බවත් daily FT පුවත්පත වාර්තා කලා.

ඊයේ(07) හදිසියේ කැඳවූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පළකර ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී චෝදනා කර ඇත්තේ.

තේරීම් කාරක සභාවේ සභාපති ජයම්පති වික්‍රමරත්න, ෆීල්ඩ් මාෂල් සරහ් ෆොන්සේකා, මහාචාර්‍ය අශූ මාරසිංහ, එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් දේශපාලනික වශයෙන් සිය ප්‍රතිරූපයට හානිවන ආකාරයෙන් ක්‍රියාකරන බව ජනාධිපතිවරයාගේ මතය වී ඇත.

ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක කටයුතු අත් හිටුවීමට කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බවත්, එය පාර්ලිමේන්තුව විසින්ම කල යුතු දෙයක් බවත් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here