Home Politics ලාල්ගේ ලංකාදීප සාකච්ජාවෙන් පසු ජවිපේ මතගැටුම්

ලාල්ගේ ලංකාදීප සාකච්ජාවෙන් පසු ජවිපේ මතගැටුම්

779
0

ලාල් කාන්තගෙ ලංකාදීප සාකච්ඡාව හේතුකොටගෙන ජවිපෙ තුළ යලි මතබේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වනවා.

අදාළ සම්මුක සාකච්ඡාව ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වෙත ලබාදීම හා එම සාකච්ඡා වේදී විමල් වීරවංශගේ ක්‍රියාකලාපය සාධාරණීකරණයට පත්කිරීම මෙන්ම ජවිපෙ මෑතකාලීනව ගනු ලැබූ දේශපාලන තීරණ හෑල්ලුවට ලක්කර තිබීම වැනි චෝදනා ලාල් කාන්ත වෙත එල්ල වී තිබෙනවා.

විජිත හේරත් , බිමල් රත්නායක යනාදීන් ලාල් කාන්තට එරෙහිව අවි අමෝරා සිටින ප්‍රමුඛ දෙදෙනෙකි.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන් යනු ජවිපෙ දේශපාලන මන්ඩලයේ ගත් තීරණයකට අනුව “බ්ලැක් ලිස්ට්” කර ඇති මාධ්‍යවේදීයකු වන අතර ඊට හේතුව වී ඇත්තේ විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වීමෙන් පසු විමල්ට බරව කටයුතු කර තිබෙන බවට වන ජවිපෙ පිළිගැනීමයි.

කෙසේ වෙතත් ඉදිරි දේශපාලන මණ්ඩල රැස්වීමකදී බරපතළ අයුරින් ලාල් කාන්ත ප්‍රශ්න කිරීමට ලක්කළ යුතුය යන ස්ථාවරයේ විජිත හේරත් ,බිමල් රත්නායක ඇතුලු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනකුම සූදානමින් සිටින බව ජවිපෙ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here