Home Hit “ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි”

“ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි”

960
0

මාතෘභූමිය ඉස්ලාමීය මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක්ව පවත්නා මොහොතක එම අන්තවාදයේ ගමන් මග, මතවාදී දැක්ම හා ක‍්‍රියාකාරී ස්වරූපය විවරණය කරමින් එම අර්බුදය හමුවේ මහා සඟරුවන ගත යුතු මග පිළිබඳව කතිකා කෙරෙන මහා සඟ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන, පූජ්‍යපාද ආචාර්‍ය ඕමල්පේ සෝභිත, පූජ්‍යපාද ශාස්ත්‍රපති රජවත්තේ වප්ප, පූජ්‍යපාද ශාස්ත්‍රපති රන්පත්විල විමලරතන, පූජ්‍යපාද කථිකාචාර්ය බලපිටියේ සිරි සීවලි යන නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා දෙදහසකගේ සහභාගීත්වයෙන්.

මහ සඟ සමුලුව අමතමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉස්ලාම් අන්තවාදය සහ එය පරාජය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව දේශණයක් සිදුකලා

“ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය උදා වෙනකන් ඔවුන් ඇතැම් විට තමන්ගේ ආගම අදහන පිරිසම උනත් ඝාතනය කරන්න, විනාශ කරන්න පැකිලෙන්නේ නැති බව අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ නව ත‍්‍රස්තවාදය පරාජය කිරීමට විධිමත් නීති රීති රටකට අවශ්‍ය වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලා

ත‍්‍රස්තවාදියාගේ ප‍්‍රමාණය, හැකියාව, ගුණය සෙවීමට විශේෂ මෙහෙයුම් මණ්ඩලයක් අවශ්‍යයි.

Posted by Patali Champika Ranawaka on Saturday, June 8, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here