Home World තෙරේසා මේ ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් ඉවත් වෙයි

තෙරේසා මේ ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් ඉවත් වෙයි

243
0

බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ අද (07) ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්වන තෙක් ඇය අග‍්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මීට සති 02කට පෙර තෙරේසා මේ සිය ඉල්ලා අස්විම ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

බෙ‍්‍රක්සිට් ගිවිසුම සාර්ථක කර ගැනිමට නොහැකි වීම ඊට හේතුවයි.

මේ වන විට කන්සවේටිව් පක්ෂ මන්ති‍්‍රවරුන් 11 දෙනෙකු පක්ෂ නායකත්වයට මෙන්ම අග‍්‍රාමාත්‍ය තරඟයට ද ඉදිරිපත්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here