Home Hit ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

213
0

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් හට ලබන ජූලි 01 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා ඉන්දියාවට සහ කැනඩාවට යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (06) මෙම අවසරය ලබාදුන්නා.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මේ වන විට අධිකරණය භාරයේ පවතින ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්ගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 10ක ඇප බැඳුම්කරයක් මත මුදා හැරීමටයි.

සැකකාර ඇලෝසියස් හට ව්‍යාපාර කටයුතු කිහිපයක් සඳහා විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here