Home Local මුලතිව්හි ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි – PHOTOS

මුලතිව්හි ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි – PHOTOS

257
0

මුලතිව්,‍ පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (06) සවස ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අත්බෝම්බ 02ක්, ආර්.පි.ජි.උණ්ඩයක්, පතුරම් තොගයක් හා යකඩ කැබලි තොගයක් එලෙස සොයාගත් බවයි.

අදාළ ගෙවතු හිමියන් ළිඳ පිරිසිදු කරන අවස්ථාවක අදාළ උපකරණ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය ගොඩගත් බවද පොලිසිය සඳහන් කර සිටියා.

පොලිසිය පැවසූවේ යුධ සමයේ LTTE සංවිධානය පළායන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බව සැක පළ කරන බවයි.

ළිඳ තුළ තිබි යතුරුපැදි කොටස් කිහිපයක්ද ගොඩගෙන ඇති අතර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here