Home Local වැලිකන්දේ පාසලක් ආසන්නයෙන් බෝම්බ 02ක් සොයාගනියි – PHOTOS

වැලිකන්දේ පාසලක් ආසන්නයෙන් බෝම්බ 02ක් සොයාගනියි – PHOTOS

440
0

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රාථමික විද්‍යාලය පිටුපස පිහිටි පොහොර ගබඩාවක් ආසන්නයේ ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ 02ක් ඊයේ පස්වරුවේ (06) සොයාගත් බව වැලිකන්ද පොලීසිය පවසනවා.

එම ස්ථානය යුද හමුදාව විසින් පසුගිය යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක් තිබු ස්ථානයක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශ රටක නිෂ්පාදනය කරන ලද මෙම බෝම්බ හමුවී ඇත්තේ එම ඉඩමේ තිබූ කොළ රොඩු ගොඩක් ගිනි තැබීමෙන් පසුව බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම බෝම්බ නිෂ්ක්‍රීය කර අද (07) දහවල් පුපුරුවා හැරීමට කටයුතු කරනු ලැබුවා.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here