Home Local පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

243
0

එළඹෙන පොසොන් උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා අංශ 03ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලේ පුදබිම් කේන්ද්‍ර කරගනිමින් එය කි‍්‍රයාත්මකයි.

පොලීසිය, ති‍්‍රවිධ හමුදාව සහ සේවා සපයන අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණයක් ඇතිව විශේෂ මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපනය කරන බවයි උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනෙරත් සඳුන්ගහවත්ත ප‍්‍රකාශ කළේ.

ඒ අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ (06) පැවැති රැස්වීමකට එක්වෙමින්.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට අවශ්‍ය සියලු විධිවිධාන සකස් කර ඇති බව ද අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here