Home Hit “ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නේ නම් තානාපතිකමක් දෙනවා කිව්වා” -පුජිත

“ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නේ නම් තානාපතිකමක් දෙනවා කිව්වා” -පුජිත

1358
0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

එහිදී සාක්ෂි ලබාදෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

ඒ වෙනුවට තමාට තානාපති තනතුරක් ද පිරිනැමීමට යෝජනා කළ බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වනදා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට ඊට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම් හරහා වාචිකව දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here