Home Local විභාග වංචා චෝදනා මත ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කරයි

විභාග වංචා චෝදනා මත ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කරයි

223
0

නැගෙනහිර පලාත් රාජ්‍ය සේවයට උපාධිධාරි ගුරුවරුන් බදවා ගැනිමේ තරග විභාගයට ඉල්ලුම් කර තිබු අයදුම්කරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිට වංචනික ලෙස විභාගය ලියූ නැගෙනහිර පලාත් රාජ්‍ය සේවයේ යෙදි සිටින ගුරුවරු දෙදෙනෙකු විභාග වංචා චෝදනා මත වැඩ තහනම් කළ බව පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව පවසනවා.

ශ්‍රි ලංකා ගුරුසේවයේ 03 – 1 ශ්‍රේණියට දිස්ත්‍රික් පදනම මත නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට විවෘත තරග විභාගයකින් ගුරුවරුන් බදවා ගැනිමේදී කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 02ක සේවය කරන ගුරුවරු දෙදෙනෙකු මෙම විභාග වංචා සිදුකර ඇති බවයි නැගෙනහිර පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් වයි.එම්.සලිම් කියා සිටියේ.

පලාත් රාජ්‍ය සේවා කොමිසමට ලද නිර්නාමික පෙත්සමක් අනුව සිදුකල විමර්ශණයක දි මෙම කරුණු අනාවරණය වි තිබෙනවා.

මෙම සැකකාර ගුරුවරුන් දෙදෙනා 2017 වර්ෂයේ ගුරුවරුන් බදවා ගැනිමේ තරග විභාගයට පෙනිසිට ඉන් සමත් වී පත්විම් ලැබු අය බවයි වාර්තා වන්නේ.

අත් අකුරු පරික්ෂාවකින් පසුව විභාග අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිඵල අත්හිටුවිමට කටයුතු කල බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here