Home Local මංගලට මාතර විහාරස්ථානත් තහනම් කරයි

මංගලට මාතර විහාරස්ථානත් තහනම් කරයි

417
0

ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීරට මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමටත් ඔහු සහභාගීවන උත්සව වර්ජනය කිරීමටත් මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (05) තීරණය කර තිබෙනවා.

ඒ අනුව කටයුතු කරන බවට මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරුන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ප්‍රතිඥාවක් ද ලබාදුන්නා.

අදාල නියෝගය අනුව මුදල් අමාත්‍යවරයාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන වල, ආරණ්‍ය සේනාසන වල, මෙහෙණී ආරාම ඇතුළු සියලුම බෞද්ධ සිද්ධස්ථාන තුළ කිසිඳු කටයුත්තකට සහභාගී නොකර ගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව මහා සංඝරත්නය ඊයේ මාතර සුදර්ශී පිරිවෙණේ සිට විරෝධතා පා ගමනක් ද පැවැත්වූවා.

පසුව උන් වහන්සේලා මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක ද නිරත වුණා.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here