Home Hit ප්‍රහාරයෙන් පසු අගමැති කැදවූ ආරක්ෂක රැස්වීමට ජනාදිපති මට යන්න එපා කිව්වා...

ප්‍රහාරයෙන් පසු අගමැති කැදවූ ආරක්ෂක රැස්වීමට ජනාදිපති මට යන්න එපා කිව්වා -හේමසිරි

737
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දින සාක්ෂි ලබා දුන්නේය .

ජනාධිපතිවරයා මෙරට නැති බැවින් අගමැතිවරයා හෝ දැනුවත් කර අවශ්‍ය කටයුතු කිරීමට ඔබ ක්‍රියා නොකළේ ඇයි? සුමන්ත්රිමන් මන්ත්‍රීවරයා ඇසු පැනයට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ

“මට ආරක්ෂක ලේකම්වරයා ලෙස නිදහස් තීරණ ගැනීමට කිසිඳු අවකාශයක් තිබුණේ නැහැ. ඉතා පොඩි කාරණාවක් පවා ජනාධිපතිවරයාගෙන් අසා තීරණ ගැනීමට සිදුවුණා. වැඩි දෙයක් අනවශ්‍යයි.බෝම්බ පිපිරුණු දවසේ ජනාධිපතිවරයා රටේ නොමැති නිසා අගමැතිවරයා හදිසි ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළා. ආරක්ෂක ලේකම් හැටියට මටත්, ජනාධිපති ලේකම්වරයාටත් එයට සහභාගි වන්නට එපා යැයි ජනාධිපතිවරයා නියෝග කළා.” යනුවෙනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here