Home Local චීනයේ BRI ලංකාවට බලපාන්නේ කෙසේද ?

චීනයේ BRI ලංකාවට බලපාන්නේ කෙසේද ?

437
0

මොකද්ද මේ BRI ?

චීනයේ මෙම ව්‍යාපෘතිය හරහා සිදුකරනු ලබන්නේ කලාපය ඒකාබද්ද කිරීම, වෙලදාම වැඩිදියුණු කිරීම, ආර්තික වර්දයන උත්තේජනය කිරීමේ අරමුණින් කලාප හයක් මාර්ග හා නාවික කටයුතු ජාලයන් හරහා ආසියාව හා පරිකාව අතර සම්බන්ද කර ගැනීම උදෙසා දියත් කරන ලද්දකි.

මෙම නම යෝජනා කරන ලද්දේ 2013 වසරේ දී චීනයේ ජනාදිපති ෂින් ජින්පින් විසිනි. එයට හේතුව වන්නේ වසර 2000 කට පෙර හෙන් රාජ වංශය විසින් චීනය හා යුරේශියාව අතර මෙලෙස ආර්තික කටයුතු දියුණු කිරීම උදෙසා සිල්ක් මාර්ග සංකල්පයක් පැවති අතර එය චීනයේ මධ්‍යදරණී මුහද හරහා සම්බන්ද විය. එය හැදින්වූ යේ “one belt, one road” යන නමිනි.

මෙම BRI හරහා චීනය අන්තර් මහද්වීපික සම්බන්දතාවයක් ගොඩනගන අතර දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, මද්‍යම ආසියාව, රුසියාව හා යුරෝපය සමග ගොඩබිමින් ද, 21 වන සියවසේ මෙම සිල්ක් මුහුදු මාර්ග පද්දතිය හරහා චීනයේ වෙරළ ප්‍රදේශ සමග නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, දකුනු ශාන්තිකර, මැදපෙරදිග, නැගෙනහිර අප්‍රිකාව හරහා යුරෝපය දක්වා දිවයනු ඇත.

මෙහි දී පහත දැක්වෙන මූලික කාරණා වලට ප්‍රමුඛස්තානය ලබා දී ඇත.

  1. ප්‍රතිපත්ති සම්බන්දීකරණය
  2. යටිතල පහසුකම් සම්බන්දීකරණය
  3. බාදාවකින් තොරව වෙළද කටයුතු වල නිරත් වීම
  4. මුල්‍ය ඒකාබද්දතාව
  5. මිනිසුන් සම්බන්ද කිරීම

මෙම ව්‍යාපෘතිය් සදහා ඩොලර් ට්‍රිලියන එකක මුදලක් වෙන් කර ඇත. ඒ හරහා වරාය මාරග, ගුවන් තොටුපළවල්, දුම්‍රිය මාර්ග මෙන් ම විදුලි බලාගාර විදුලි සංදේශ මාර්ග සදහා යටිතල පහසුකම් සැපයීමද කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ විෂය පතය ඉතා පුලූල් වූවකි. ඒ අනුව මෙයට රටවල් 70 ක් සම්බන්ද වනු ඇත. එමෙන් ම මේ හරහා ලෝක ජනගහනයෙන් 65% මෙන් ම දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් ම ආවරණය කරනු ඇත.

ලංකාවට මෙය කෙසේ බලපායි ද?

මේ පිළිබදව ලංකාවේ බොහෝ විද්වතුන් තම අදහස් පළකර තිබෙනු දැකිය හැඛි විය. ඒ අනුව ඒවා සලකා බැලීමේදී පෙනී යන මූලිකම කරුණ වන්නේ මේ හරහා ලංකාවේ අපනයනයට වේගවත් වර්දනයක් ලබා දිය හැකි බවයි.

මේ හරහා ලංකාවට අපානු වෙළපල හා සම්බන්ද වීමට කෙටි නාවික මාර්ගයක් ලැබේ. එය වටිනා අවස්තාවකි. එමෙන් ම ශ්‍රී ලංකාව හරහා ගමන් කරන නාවුක යාත්‍රා සදහා අවශය පහසුකම් සැපයීම මගින් ද ලංකාවට හොද ආදායම් අවස්තාවක් හිමි වේ. මෙම ව්‍යාපෘතිය සදහා දින කාලවකවානු කිසිවක් සදහන් නොකරන අතර මෙය ශතවර්ෂයක් පමණ කලයක් ඇදී යන ව්‍යාපෘතියක් ලෙස හදුනාගෙන තිබේ. දේශපාලන නොසන්සුන්කාරීත්වය නිසා දැනටමත් අප රට ණය බරින් මිරිකී සිටින බැවින් මෙය ලංකාවට හොද අවස්තාවක් විය හැකිය.

මේ සියල්ලටම වඩා ඊනියා බටහිර රටවල් ලංකාවේ ස්වාදිපත්‍යට කරනු ලබන බලපෑම් හේතුවෙන් අපගේ විදේශ ප්‍රතිපත්තිය චීනය දෙසට හැරීම සුභ දායක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here