Home Environment ඩෙන්මාර්කයේ දූපතක මුහුදක් ලෙයින් තෙත් වෙයි

ඩෙන්මාර්කයේ දූපතක මුහුදක් ලෙයින් තෙත් වෙයි

694
0

ඩෙන්මාර්කයේ ෆාරෝ (Faroe) නම් දූපතේ මුහුදු වෙරළ පසුගිය දිනක ලෙයින් නැහැවී ගොස් තිබේ. එයට හේතුව වන්නේ 150 කට අදික ඩොල්ෆින් මත්සයන් හා තල්මසුන් මරා දැමීම යි.

 ඩෙන්මාරකයේ වාර්ෂිකව පවත්වන තල්මසුන් දඩයම් කිරීමේ සාම්ප්‍රදායික උත්වය වෙනුවෙනුයි මෙසේ 150 අදික ඩොල්ෆින් මසුන් හා තල්මසුන් මරා දමා ඇත්තේ.  මෙම දූපතේ මුහුදේ ටර්ස්වාන් බොක්ක නැමති ගැඹුරු මුහුදු ප්‍රදේශය පවා තද රතු පැහැති ලෙයින් පිරී ගොස් තිබුණි.. කෙසේ වෙතත් තල්මසුන් 130-150 අතර ප්‍රමාණයක් මෙන් ම සුදු පැහැති ඩොල්ෆින් මත්සයන් 10-20 අතර ප්‍රමාණයක් අමානුෂිකව මරා දමා තිබුණු අතර මෙය වාර්ෂිකව සිදුවන්න ක්‍රියාවලියකි.

සාම්ප්‍රදායික ඩෙන්මාර්ක් සමාජය විසින් පවත්වාගෙන යන සම්ප්‍රදායක් වන මෙම මසුන්මැරීමේ චාරිත්‍රයට අනුව එම ප්‍රමාණය 500 දක්වා ඇඩි කිර්‍රීමට ඔවුන් අදහස් කරගෙන සිටිති. ක්ෂීරපායි මුහුදු සත්වයන්ගේ මස් ආහරයට ගෙන ජීවත් වන පුද්ගලයන් ගේ සාම්ප්‍රදාය්න් තෘප්තිමත් කිරීම වෙනුවෙන් ෆාරෝ දූපතේ වාර්ෂිකව තල්මසුන් 700 පමණ කුරිරු ලෙස මරා දමනු ලබයි. සෑම තල්මසෙක් ගෙන් ම කිලෝ සිය ගාණක මස් ඔවුන් ලබා ගන්නා අතර ඒවා මුදල් නොගෙන එකිනෙකා අතර හුවමාරු කර ගනු ලබයි.

මෙම චාරිත්‍රයට අනුව මුහුදු වෙරළ ආසන්නයට තල්මසුන් ඇතුළු වන විට පසුපසින් ගොස් ඔවුන්ව ඝාතනය කරයි. විනාඩි දහයක් ඇතුළත් විශාල ප්‍රමාණයක් තල්මසුන් මරා දමන අතර එම දූපතේ වැසියන් මෙයට සහයෝගය පිණිස වෙරළට පැමිණෙති.

මෙතරම් දියුණුවට පත් ව ඇති ලෝකයක සාම්ප්‍රදායන් නිසා තල්මසුන් හා ඩොල්ෆින් මසුන් මෙලෙස කුරිරු අන්දමින් මරා දැමීමට විරුද්දව බොහෝ පිරිස් සිය අප්‍රසාදය පළකරමින් සිටිති. බ්ලූ ප්ලැනට් නම් සංවිදානයක් ජපානයේ හා ෆාරෝ දූපතේ සිදුවන මෙම සත්තව ඝාතනයට විරුද්දව පෙත්සමක් පවා අත්සන් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here