Home Hit ”මුතුරාජවෙල අපිට හොරා කසළ කන්දක් ගොඩනැගෙනවා” – ඇමති පාඨලී චම්පික – PHOTOS

”මුතුරාජවෙල අපිට හොරා කසළ කන්දක් ගොඩනැගෙනවා” – ඇමති පාඨලී චම්පික – PHOTOS

275
0

රට පුරා 300කට අධික කසළ කඳු තිබෙන බවත් කසළ ප‍්‍රශ්නය විසඳාගන්න අරුවක්කාලු කසළ අංගණය සාදා ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදට (05) යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමිනුයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”2017 අපේ‍්‍රල් 14 වෙනිදා නිවසේ පැවති සිංහල අවුරුදු චාරිත‍්‍ර ඉටුකර කොළඹ පැමිණෙන කොට ජනාධිපතිතුමන් විසින් මීතොටමුල්ල කසල කන්ද නාය ගහින් සිදු වූ ඛේදවාචකය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එම ව්‍යසනය පිළිබඳව සාකච්ජා පැවත්වූවා. කියන්න කණගාටුයි, මේ කසළ කන්දෙන් හම්බකරගත් අය, කසළ කන්දට කුණු ගෙනවිත් දාන අය, ඒවට වගකියන්න ඕනේ අය මැතිවරණයේදී මේ කසළ කන්ද ඉවත් කරනවා කියලා ඡන්ද ගත් අය කවුරුවත් එම සාකච්ඡාවේ හිටියේ නැහැ. අන්තිමට කසළ කන්ද යුධ හමුදාවත් සමග තාවකාලිකව පාලනය කරන්න අපි භාරගත්තා.

මුලදී මේ පිළිබඳව විදේශීය ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වුවත් එහිදී ඇතිවන ප‍්‍රමාදය පිළිබඳව සලකා බලා නාගරික සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළා මේකට උදව් කරන්න කියලා. ඒ අයත් අපට ලබාදුන්නේ නැහැ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය මෙහි වගකීම භාරගෙන මෙයට මුදල් වියදම් කරලා සංවර්ධනය කරන්න පටන් ගත්තේ. මෙය නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක්. මේ ඉඩම සංවර්ධනය කර විකුණුවා නම් මිලියන දෙතුන් දාහක් නාගරික සංවර්ධන අධිකාරියට සොයා ගැනීමට හැකිව තිබුණා. කොළඹ නගර සභාව සහ අනෙකුත් අය මෙතනට කසළ ගෙනවිත් දාලා එම ඉඩම සම්පූර්ණයෙන් විනාශ කළා. ඒ අය ඒ වෙනුවෙන් සත පහක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙව්වේ නැහැ අද වෙනකං. ඒ විතරක් නෙමෙයි මේ කන්ද මනාව කළමනාකරණය කරනවා කියලා ප‍්‍රකෝටි ගණන් ධනය වැය කළා. හැබැයි කන්දේ කිසිම කළමනාකරණයක් නොතිබිච්ච බව කන්ද කඩා වැටීමෙන් පෙනුණා. ඒ සල්ලි ගියේ කාගේ සාක්කුවට ද කියන එක මේ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ ඉදිරිපත් වූ විනිසුරු නානායක්කාර මහත්මයාගේ වාර්තාවේ තිබෙනවා. ලැජ්ජා නැතිකම කියන්නේ 34 දෙනෙක් ඝාතනය වෙලා බිලියන ගානක ව්‍යසනයක් මේ ඉඩමට කරලා, වාර්තාවක් නිකුත් වෙලා තිබෙනවා තවමත් එක් අයෙකුටවත් දඬුවමක් දෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ගැන ඇත්තටම අපි ලැජ්ජා විය යුතුයි.

අද ජාත්‍යන්තර පරිසර දිනය, වායු දූෂණය තමයි මෙවර තේමාව. මෙම කුණු කන්දෙන් නිකුත් වෙන මීතෙන් විශාල වායු දූෂණයක් ඇති කරනවා. අද එය පාලනය කරන්න අපේ නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාකර තිබෙනවා. ඒ වගේම මම මේ ප‍්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ ස්ථානයේ කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදුකරන්න ඉඩ දෙන්න එපා. මේ ස්ථානයට විධිමත්ව නාගරික සංවර්ධන අධිකාරියට, මම මේ ඇමති ධූරයේ සිටියත් නැතත් මේ කටයුත්ත කරන්න ඉඩ දෙන්න. මෙමගින් මේ පළාතට සම්පූර්ණ ආලෝකයක් ලැබෙනවා. පරණ පාර අලූතෙන් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ අංගොඩ ප‍්‍රදේශය හරහා සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ලෙන්ම මත්කුඩුවලින් දුප්පත් කමින්, පැල්පත්වාසීන්ගෙන් පිරිච්ච මේ ප‍්‍රදේශය විධිමත් නගරයක් හැටියට, නම්බුකාර තැනක් හැටියට පරිවර්තනය කරන්න අපි කටයුතු කර තිබෙනවා. මේ කන්ද උඩට නැගලා බලන්න ගෙවල් කීදාහක් නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරලා තිබෙනවාද කියලා. ගෙවල් 15,000 ක් ඉදිකර තිබෙනවා. 1958 සිට 2015 වෙනකන් සියළුම ආණ්ඩු, සියළුම නායකයෝ ගෙවල් 9,000 යි හැදුවේ පැල්පත්වාසීන්ට. මේ වසර තුනට අපි 15,000ක් හදලා තිබෙනවා. තව 8,000ක් ඉදිකරන්න මේ වසරේදී අපි පියවර ගන්නවා. මම කණගාටුවෙන් කියන්න ඕනේ ඒ කටයුත්තටත් හරි හමං ශක්තියක් රජයෙන් ලැබුනේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට සිදුවුනා ඒකට කර තියලා කටයුතු කරන්න.”

කොළඹ කසළ මුතුරාජවෙලට බැහැර කිරීමට අපදුන් කාලය වසරක් පමණයි. නමුත් මේ වන විට වසර 02ක කාලයක් ගතවී ඇති බවත් දැන් කසළ බැහැර කරන්නේ අපගේ කැමැත්තකින් තොරව බවත්, අදටත් මුතුරාජවෙල කසළ අංගනය විවෘතව ඇත්තේ අහිංසක ජනතාව වෙනුවෙන් පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.

රටපුරා කසළ කඳු 300කට අධිකයි. වගකීම බාර ගන්න කෙනෙක් නැහැ. ‍ඒ හේතුවෙන් අපි එම වගකීම භාරගෙන කසළ ගැටළුවට ස්ථිර සාර විසඳුමක් අරුවක්කාලුවේ විද්‍යාත්මක කසළ තැන්පත් කිරීමේ අංගනයක් රටට ලබා දී තිබෙන බවත්, එහි මේ වන විට ඕනෙම අයෙකුට කසළ තැන්පත් කිරීමේ හැකියාව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත්පවසා සිටියා.

Image may contain: one or more people, people standing, mountain, sky, child, wedding, outdoor and nature
Image may contain: 1 person, standing, sky, grass, outdoor and nature
Image may contain: 7 people, people standing and outdoor
Image may contain: one or more people, people standing, sky, outdoor and nature
Image may contain: 2 people, people standing, sky, cloud, outdoor and nature
Image may contain: 6 people, outdoor
Image may contain: one or more people, cloud, sky, grass, outdoor and nature
Image may contain: 9 people, people sitting
Image may contain: 1 person, crowd, sky and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here