Home Hit අසත්‍ය ප්‍රවෘත්ති පළ කළොත් දස ලක්ෂයක දඬයක් සමග වසර 5ක සිර දඬුවම්

අසත්‍ය ප්‍රවෘත්ති පළ කළොත් දස ලක්ෂයක දඬයක් සමග වසර 5ක සිර දඬුවම්

348
0

රාජ්‍ය ආරක්ෂාවට හා ජාතීන් අතර සහජීවනයට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට වසර 5කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර එය වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here