Home Hit මුස්ලිම් පල්ලි වලට සල්ලි කොහෙන්ද?

මුස්ලිම් පල්ලි වලට සල්ලි කොහෙන්ද?

454
0

මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ ‘ වකුෆ් පනත ‘අනුව ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලය විසින් පරිපාලනය කරනු ලබන අරමුදලක් පිහිටුවිය යුතු බව එහි දක්වා ඇත. ඒ අනුව, මුස්ලිම් පුණ්‍යාධාර අරමුදල පිහිටවූ අතර සියලු මුස්ලිම් පල්ලි, සිද්ධස්ථාන, භාර හා ආගමික ආයතනය විසින් සෑම මාසයකම අවසන් දිනෙන් පසු දින තම ආයතනයේ ශුද්ධ ආදායමෙන් කිසියම් දායකත්වයක් සිදු කළ යුතු ය. ශුද්ධ ආදායමෙන් 6% ක් මුස්ලිම් පල්ලිවලින් ද, 10% ක් අනෙකුත් සිද්ධස්ථාන හා භාර වලින් ද අධ්‍යක්ෂගේ නමින් මුස්ලිම් පුණ්‍යාධාර අරමුදලට බැර වන පරිදි ගෙවිය යුතුය.

වකුෆ් මණ්ඩලය විසින් පහත සඳහන් අරමුණු සියල්ල හෝ එකක් සඳහා මෙම අරමුදලේ මුදල් ආයෝජනය කළ හැකි වේ.

  1. මුස්ලිම් පල්ලි ඉදිකිරීම, ප්‍රතිෂ්ඨාපනය කිරීම හා නඩත්තු කිරීම
  2. මුස්ලිම් ජනයාගේ දුගී බවට සහනයක් සැලසීම උදෙසා
  3. මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා
  4. ඉස්ලාම් ආගමේ දියුණුව උදෙසා
  5. මුස්ලිම් ජනයාට ප්‍රයෝජනවත් වෙනත් අරමුණක් ඉටු කිරීම

මේ අනුව 2006 වසරේ සිට 2015 වසර දක්වා රට පුරා පල්ලි හා අද්‍යාපන ආයතන ඉදිකිර්‍රිම් හා මුදල් වෙන්කිරීම් ලැයිස්තුව පහත පරිදිය.

 Meeladh Development Project: වාර්ෂික වාර්තාව

Year District Allocated Amount (Rs. Mn.) Religious Institutions
2006 Ampara 25 Mosques – 20, Arabic Colleges and Ahadiyya Schools -10, Jammiyathul Ulama Building-01, Schools-02
2007 Trincomalee 16.4 Mosques – 28, Arabic Colleges- 02, Ahadiyya School -01
2008 Monaragala 8.2 Mosques – 14, Arabic Colleges- 02, Ahadiyya Schools -13
2009 Matara 8 Mosques -28, Arabic Colleges- 07, Ahadiyya Schools and Qura’n Madrasa-11
2010 Batticaloa 10 Mosques -32, Arabic Colleges- 03, Islamic Organizations -01, Qura’n Madrasas- 01, Kattankudy Gateway-01
  2011 Hanbanthota 10 Mosques -18, Arabic Colleges- 09,  Qura’n Madrasas-03, Other Islamic Religious Institutions -07
2012 Ratnapura 12 Mosques -30, Arabic Colleges- 10, Ahadiyya Schools – 09, Other Islamic Religious Institutions -05
2013 Trincomalee 13 Mosques -45, Arabic Colleges- 09, Qura’n Madrasas-02, Other Islamic Religious Institutions -02
2014 Kalutara 12 Mosques -29, Arabic Colleges- 06, Qura’n Madrasas-01, Other Islamic Religious Institutions -05
2015 Kandy 14 Mosques -93, Arabic Colleges- 04, Ahadiyya Schools-01

ඉහත ව්‍යාපෘතිය යටතේ සියලුම මුස්ලිම් පල්ලි, මද්‍රසා පාසල්, අරාබි පාසල්, ආදිය සංවර්දනය කිරීම් හා අලුතින් ගොඩනැගීම් සිදුකරනු ලැබේ. එසේ වුවද මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි ඇත්තේ 2500 පමනකි. එම සෑම පල්ලියක් ම තමන් ට මුදල් ලැබෙන ආකාරය පිලිබදව හෙළිකළ යුතු බව පසුගිය දිනෙක රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here