Home Hit ”රතන හිමිගේ උපවාසය තක්කඩි වැඩක්” – VIDEO

”රතන හිමිගේ උපවාසය තක්කඩි වැඩක්” – VIDEO

999
0

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

සහරාන්ගේ ඇතුලු අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බවයි කියා සිටියේ.

ඇමති මංගල සමරවීර බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදුකරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ යන විදියට මහා සිංහල – මුස්ලිම් කෝළහාලයක් ඇති වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වු බවත් පැවසු ඥානසාර හිමි පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බවද සඳහන් කර සිටියා.

මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක් බවත් මීට පසුව කිසි කෙනෙකුට මෙය අතට ගැනීමට ඉඩ නොදී තමා මෙය පාලනය කරන බවත්, ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කල බවත් කියා සිටියා.

රනිල් වික්‍රමසිංහව ගේන්න රතන හිමියන් කැපවී වැඩ කල බවත් පැවසු උන්වහන්සේ ඔවුන් මේ මොහොතේ මුස්ලිම් ඡන්ද රැකගන්න ආකාරය ගැන කල්පනා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එක්කෙනෙකුට අයින් වෙන්න කිව්වාහම ඇයි සියලු දෙනා ඉවත් වුණේ? යනුවෙන් මාධ්‍යවේදීන් මෙහෙදී ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, එය සමඟිය බවත්, සිංහල නායකයින්ට නැති සමඟිය ඔවුන්ගෙන් බලා හෝ ඉගෙන ගත යුතු බවයි.

ඉදිරියේදි මැතිවරණයකුත් එනවා ඔබවහන්සේ බලාපොරොත්තු වෙනවද ඉදිරියේදි ඇතිවන දේශපාලන විපර්යාසයකින් අනතුරුව ඔබ වහන්සේගේ මතවාදය හෝ මෙම ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න පුළුවන් වෙයිද?

ඓතිහාසික තින්දුව ජූලි මස 07 වනදා ගන්නා බවත්, රටට ඇත්තේ එක මඟක් එයින් ජයග්‍රහණය කරන්නේ රටේ ජාතිය බව ද ඥානසාර හිමි කියා සිටියා.

මුස්ලිම් මුළු සමාජයම ඒගොල්ලොන්ගේ අතට ගන්න එක සිද්ධ වුනා මේ හාමුදුරුවන්ගේ උපවාසේ නිසා

මුස්ලිම් මුළු සමාජයම ඒගොල්ලොන්ගේ අතට ගන්න එක සිද්ධ වුනා මේ හාමුදුරුවන්ගේ උපවාසේ නිසා

Posted by Ada Derana 24×7 on Tuesday, June 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here