Home Local අන්තවාදීන්ගෙන් ඇල්ලූ කෝටි 15ක් රාජසන්තක කිරීමට පියවර

අන්තවාදීන්ගෙන් ඇල්ලූ කෝටි 15ක් රාජසන්තක කිරීමට පියවර

302
0

කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බවට ඔහුගේ දියණියගේ හා නැගණියගෙන් ලබාගත් DNA වාර්තා අනුව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායකට දැනුම් දුන්නා.

සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳ රැකබලා ගැනීම සඳහා ඔහු තමාට රුපියල් ලක්‍ෂ 20ක් ලබාදුන් බවට මොහොමඩ් නිෂාම් නමැත්තා ලබාදුන් ප‍්‍රකාශ අනුව තහවුරු වන්නේ යැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දුන් අතර ඉන් ලක්‍ෂ 11ක් කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුස්ලිම් අන්තවාදීන් සන්තකයේ තිබී සොයාගත් රුපියල් කෝටි 15ක මුදලක් රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනාතෙක් සුරක්‍ෂිතව තබා ඇතැයි ද එහිදී පෙන්වා දුන්නා.

අපරාධ ස්ථානවල තිබී සොයාගත් රුපියල් ලක්‍ෂ 13කට අධික වටිනාකමක් ඇති රන් ආභරණ මහ බැංකුවේ සුරක්‍ෂිතව තබාගන්නා ලෙසට ද කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක එහිදී නියෝග කළ අතර එම නඩුව ලබන 12 වනදා දක්වා කල් තැබීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කරනු ලැබුවා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here