Home Hit කාන්තාවන්ට කළු අබායා ගලවා දිග කලිසම් අදින්න සවුදි කුමරුගෙන් අවසර

කාන්තාවන්ට කළු අබායා ගලවා දිග කලිසම් අදින්න සවුදි කුමරුගෙන් අවසර

3670
0

සවුදි රාජ්‍යයේ මුස්ලිම් කාන්තාවන් හිසාවරණ හා කළු අබායා වලින් සැරසී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔවුන් ට පහසු දිගු කලිසමකින් සැරස සිටීමට කිසිදු බාදාවක් නොමැති බව එරට ඔටුන්න හිමි කුමරු විසින් පවසා සිටී.

සවුදිය යනු දැඩි මුස්ලිම් ලබ්දිකයන් වෙසෙන රාජ්‍යක් වන අතර කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කරන රාජ්‍යක් බවට අතීතයේ පත් ව තිබුණ ද දැන් ක්‍රමයෙන් වර්තමාන ලෝක තත්ත්වය මුහු  වෙමින් සිටින රාජ්‍යක් වශයෙන් හදුනා ගත හැකි ය.

තරුණ සවුදි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් විසින් කාන්තා අයිතීන් ප්‍රසාරණය කර ඇති අතර මුස්ලිම් කාන්තාවන්ට රිය දාවනය සදහා ද ඉඩ ලබා දීමට කටයුතු කර ඇත. එමෙන් ම ප්‍රසිද්ද ක්‍රීඩා ආදියට සම්බන්ද වීමට ද ඉඩ ප්‍රස්තාව එරට මුස්ලිම් කාන්තාවන්ට ලැබීම හොද ප්‍රවණතාවයකි.

දැඩි මුස්ලිම් මතදාරි රාජයක් වුවද නවීකරණය හා ප්‍රගතිශීලීත්වය උදෙසා ඔවුන් ගත් ප්‍රශංසනීය පියවරවල් ලෙස අගය කළයුතු ය. නමුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත තවමත් තීරණැ ගන්නා රාජ්‍යක් ලෙස සවුදිය හැදිවූවද ඔවුන් තරුණ කුමරාගේ නායකත්වය යටතේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ප්‍රවාහයට කෙමෙන් ඇතුලු වනු දැකිය හැකි ය.

“ මෙම නීතී රීති හරි පැහැදිලියි. ශරියා නීතියේ සදහන් වන පරිදිම කාන්තාවන් ද පිරිමින් මෙන් ගෞර්වාන්විතව හා පිළිවෙලට ඇදුම් ඇදිය යුතු යි” මොහොමඩ් බින් සල්මාන් කුමරු මාද්‍යට පැවසීය.

“ මෙහි කිසිලෙසකින්වත් කලු අබායා හා කලු හිස්වැසුම් ඇදිය ‍යුතු යැයි සදහන් කරන්නෙ ඈ. තාන් ගෞරවාන්විතව සිටීමට කෙලෙස කුමක් ඇදිය යුතු ද යන්න තීරණය කිරීමේ වගකීම කාන්තාව සතු වෙනවා” කුමරු තවදුරටත් පවසයි. මෙහෙදී ඔහු පැහැදිලි කරන්නේ කලුපාට අබායා ඇද කලු හිස්වැසුම් පැලද සිටීමට අවශ්‍යතාවක් නොමැතිබවත් විවිදාකාරයේ දිගු කලිසම් ආදිය තමන්ගේ ගරුත්වයට හානියක් නොවනාකාරයෙන් ඇදීමේ හැකියාව කාන්තාව සතු වන බවයි.

මේම ප්‍රකාශය සවුදිය තුළ කාන්තා ඇදුම් වෙනස් වීමේ සලකුණක් වශයෙන් ද සමහරු හදුන්වති.  ශ්‍රියා නීතිය ක්‍රියාතමක කිරීම සදහා සවුදිය තුළ ලිඛිත නීති සංග්‍රහයක් නොමැති අතර පොලීසිය හා උසාවිය මගින් කාන්තාවන්ට කලූ අබයා හැද මුහුණ හා හිස සම්පූර්ණයෙන් ම ආවරණය කරන ලෙස බලපෑම් එල්ල කිරිම දැකිය හැකිය.

නමුත් මෙතෙක් කල් රාජ්‍ය පාලනය කළ වැඩිහිටි රජවරුන්ට වෙනස් ව වයස අවුරුදු 32 ක් වූ ඔටුන්න හිමි තරුණ කුමරා විසින් ප්‍රතිසංස්කරණ රාශියක් කරනු ඇතැ යි ලෝකය බලාපොරොත්තුවෙ සිටී.

සවුදි කාන්තාවන් මෑතකදී සිට ඉත වර්ණවත් නිල් පැහැති හා රෝස පැහැති අබායා ඇදීමට පටන් ගෙන ඇති අතර සාම්ප්‍රදායික කෞ අබායාව වෙනුවට දිගු සායට ඉදිරිපස විවෘත වූ වර්ණවත් අබායා හා ජීන්ස් කලිසම් ඇදීමට පෙළඹී සිටිනු දැකි ය හැකි ය.

මුස්ලිම් මතවාදී කදවුරේ මූලිකම රාජ්‍යක් වන සවුදිය පවා කාන්තාව්න් ගේ ඇදුම සම්බන්දව එතරම් ලිහිල් බවක් පෙන්වමින් සිටින අවස්තාවක ලංකාව වැනි රටවල මුස්ලිම් කාන්තාවන් තවමත් කලු පාටින් ඇද මුලු මුහුණම හා හිස ද ආවරණය කර සිටිය යුතු යැයි නීතී නිර්මාණය කරන හා ඒ වෙනුවෙන් කතා කරන සෑම මුස්ලිම්වරයෙක් ම ලැජ්ජා විය යුතු ය.  බොහෝ මුස්ලිම් රටවල් පවා ලෝකය සමග ඉස්සරහට ගමන් කරන විට ලාංකීය මුස්ලිම්වරු මෙතරම් පසුගාමි ලෙස හැසිරෙන්නේ කුමක් අරභයා ද යන්න ගැටලූවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here