Home Hit අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගෝඨාභය තවමත් සිංගප්පූරුවේ

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගෝඨාභය තවමත් සිංගප්පූරුවේ

629
0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වනවිට සිංගප්පූරුවේ රැදී සිටියි . එම හේතුව නිසා ඔහුට මෙරටට පැමිණීමට නොහැකි වූ බව ඔහුගේ නීතීඥවරයා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත අද දැනුම් දුන්නා.

මීට පෙර මෙම නඩුව කැදවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සදහා මැයි මස 24 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා.කෙසේ වෙතත් නඩුව අද කැදවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරයා මෝසමක් මගින් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තවදුරටත් සිංගප්පූරුවේ රැදී සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here