Home Hit රතන හිමිට සහය පළ කරමින් විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර වැසෙයි

රතන හිමිට සහය පළ කරමින් විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර වැසෙයි

416
0

මොරටුව දුම්රිය ස්ථානය අසල නව ගාලු පාර තවකකාලිකව වසා දමා ඇති බව වාර්තාවේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් විරෝධතාවයක් මොරටුව දුම්රියපොළ අසලින් අද(03) උදෑසන ආරම්භ කිරීමත් සමගයි.

මේ වන විට මෙම විරෝධතාවය මොරටුව කුරුස මන්සංදිය අසලට පැමිණ ඇති ඇතර මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගය වාස දමා තිබේ.

රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින්ය.

උන්වහන්සේ අද(03) සිව්වන දිනටත් මෙලෙස උපවාසයේ නිරත වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here