Home Hit ”දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්න” – ආණ්ඩුකාර මෛත්‍රීගෙන් ඉල්ලීමක්

”දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්න” – ආණ්ඩුකාර මෛත්‍රීගෙන් ඉල්ලීමක්

304
0

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (03) දිනයේ දී මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී ඇති බවයි.

මෙම කාලසීමාව තුළ සුරාසැල් වසා තැබීම තුළින් තත්ත්වය පාලනය කිරීම සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here