Home World ඉන්දියාවට ලබාදෙන GSP සහනය අවසන් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්

ඉන්දියාවට ලබාදෙන GSP සහනය අවසන් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්

713
0

ලබන 05 වනදා සිට ඉන්දියාවට ලබාදෙන GSP හෙවත් වරණීය තීරු බදු සහනය අවසන් කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉන්දියාවට ලබාදෙන තීරු බදු සහනය ඉවත් කිරීමට තමා අදහස් කරන බව ජනපති ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කරනු ලැබුවා.

ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉන්දියාව, අමෙරිකාවට සිය වෙළෙඳපොළ සඳහා ප්‍රවේශවීමට සමාන හා සාධාරණ අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමාට හැඟී නොයන බවයි.

අමෙරිකානු GSP බදු සහනය බුක්ති විඳින ලද විශාලතම රට ඉන්දියාව වන අතර මේ යටතේ ඩොලර් බිලියන 5.6ක භාණ්ඩ තීරු බදු සහන යටතේ අමෙරිකාවට ආනයනය කෙරුණා.

ඉන්දීය බලධාරීන් පවසන්නේ, GSP බදු සහනයෙන් ඉන්දියාවට නොලැබුනහොත් අමෙරිකානු භාණ්ඩ 20ට අධික සංඛ්‍යාවක ආනයන බදු ඉහළ යනු ඇති බවයි.

අමෙරිකානු කොංග්‍රසයේ සාමාජිකයින් 24 දෙනෙකු ට්‍රම්ප් පරිපාලනය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඉන්දියාවට තීරු බදු සහනය ලබාදීම නතර නොකරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here