Home Environment දකුණු අධිවේගය දෙපස රුක් රෝපණ සමාජ සත්කාරය සඳහා ඔබටත් ආරාධනා

දකුණු අධිවේගය දෙපස රුක් රෝපණ සමාජ සත්කාරය සඳහා ඔබටත් ආරාධනා

672
0

මානව හා සත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාමින් ජුනි මස 05 වන දිනට යෙදී ඇති ”ජගත් පරිසර දිනය” සැමරීම සඳහා බියගම නොර්ත් සේල්ස් ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ජුනි මස 05 වන බදාදා දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා වැලිපැන්න හුවමාරු අතර රුක් රෝපණ වැසඩටහනක් සංවිධනය කර තිබෙනවා.

පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය මඟින් මිහිතලය සුරැකීම අරමුණු කර ගනිමින් #BePlanetWorthy හරිත ව්‍යාපෘතියේ Plants for the Planet පැළ සිටුවීමෙහි දෙවන අදියර වශයෙන් නොර්ත් සේල්ස් ආයතනය විසින් පවත්වන මෙම වැඩසහන මගින් කුඔුක් සහ කරඳ පැළ සමඟින් මාර්ගය දෙපස අලංකාරය සඳහා විසිතුරු ශාක සමඟින් පැළ 1600ක් පමණ රෝපණය කිරීම සඳහා සියලු කටයුතූ සූදානම් කර ඇති බව සඳහන්.

නිෂ්පාදන ආයතනයක් වශයෙන් එහි කාබන් පියසටහන අඩු කරලීමත් සංවර්ධනයේ නාමයෙන් ලොවපුරා සිදු කරනු ලබන වන විනාශයත් ඒ හා බැදී මතු වී ඇති මිහිකත දූෂණය වීම, ඕසෝන් වියන ක්ෂය වීම වැනි ගෝලීය පාරිසරික ගැටලුවලට විසඳුමක් වශයෙන් සහ අනාගත පරම්පරාවල සුරක්ෂිතතාවය උදෙසා පරිසරය රැක ගනිමින් තිරසාර සංවර්ධනය කරා පිය නැගීම අරමුණූ කර ගනිමින් නොර්ත් සේල්ස් ආයතනය මගින් සිදුකරන මෙම සමාජ සත්කාරය සඳහා ඔබටත් සහභාගී වීමට අවස්ථාව උදා කර දී ඇත.

ඒ සඳහා 0769823684 (තරුෂි රාජපක්ෂ) අමතා තොරතුරු ලබා ගත හැකි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here