Home Local රතඹලාඔය පාලම ආසන්නයේ තිබී සක්‍රීය ජීව අත් බෝම්බයක් සොයාගනියි

රතඹලාඔය පාලම ආසන්නයේ තිබී සක්‍රීය ජීව අත් බෝම්බයක් සොයාගනියි

260
0

ආණමඩුව – හලාවත මාර්ගයේ රතඹලාඔය පාලම ආසන්නයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සොයාගෙන ඇති බව පල්ලම පොලීසිය පවසනවා.

ඊයේ (31) සවස මෙම ජීව අත් බෝම්බය සොයා ගෙන ඇති අතර SHG 87 වර්ගයට අයත් මෙම ජීව අත්බෝම්බය සක්‍රීය මට්ටමේ තිබී ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ ආරක්ෂක අංශ විසින් භාවිතයට ගන්නා මෙම අත් අබෝම්බය බෝතලයක බහා තිබියදී හමුව ඇති බව සඳහන්.

කිසියම් අවශ්‍යතාවයකට රතඹලාඔය පාලම අසලට ගිය අයෙකු එය දැක පල්ලම පොලීසියට දැනුම් දීම තිබෙනවා.

කව්රුන් විසින් මෙම අත් බෝම්බය රතඹලාඔය පාලම ආසන්නයට ගෙනවිත් දැමුවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here