Home Local පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ දුරකථන ඇමතුම් 1800ක් ගැන විමර්ශන අරඹයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ දුරකථන ඇමතුම් 1800ක් ගැන විමර්ශන අරඹයි

308
0

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් 09 දෙනා භාවිත කළ ජංගම දුරකථන සමග සබදතා පැවත්වූ ඇමතුම් 1800ක් පිළිබද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශ්ලේෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසනවා.

මෙම පුද්ගලයන් තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් සමග සබඳතා පැවත්වූයේ කුමන අරමුණකින්ද, ඔවුන් කවුද සහ ඔවුන් හා බෝම්බකරුවන් අතර පැවති සබඳතාව කුමක්ද යන්න අනාවරණය කරගැනීම මෙහිදී පොලිසියේ අරමුණ වී තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සොයාගෙන ඇති ලැප්ටොප් පරිගණක 23ක්, ඩෙක්ස්ටොප් පරිගණක 3ක්, පරිගණක දෘඪ තැටි 30ක්, ජංගම දුරකථන සහ ටැබ් 138ක්, පෙන් ඩ‍්‍රයිව් 12ක්, CD , DVD සහ DVR තැටි 67ක්, සහ සිම්කාඞ් 142ක් සම්බන්ධයෙන්ද මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් 09 දෙනකු ඇතුළුව පුද්ගලයන් 81 දෙනකු දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින අතර රඳවා ගැනීමේ නියෝග යටතේ ඔවුන් පිළිබඳ ඉදිරි විමර්ශන සිදුවෙමින් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

සමන් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here