Home Local නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදල් වියදම් කරයි

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදල් වියදම් කරයි

261
0

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල නීත්‍යනුකූලව රජයට පවරා ගැනීමකින් තොරව ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා ඊයේ (30 ) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පිළිගනු ලැබුවා.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වසර 10ක් යනතුරු සයිටම් ආයතනය සතු දේපළක් බව කැබිනට් පත‍්‍රිකාවක් මගින් පිළිගෙන තිබියදී මෙම රෝහල සඳහා රජය විසින් බිලියන 02.05කමුදලක් ගෙවා දමමින් සිටින බවත් එම රෝහල සඳහා මාසිකව මිලියන 50ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කරන බවත් ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගත්තා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් කොමිසමේ සභාපති උපාලි ජයරත්න ප‍්‍රකාශ කර සිටියේ ඇමැතිවරුන් මොන යෝජනා ගෙනාවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඊට විරුද්ධ විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here