Home Business නෙල්නා හලාල් අතහරියි

නෙල්නා හලාල් අතහරියි

1056
0

නෙල්නා (Nelna) සමාගම සිය නිෂ්පාදන වලින් අද (31) සිට හලාල් ලාංඡනය ඉවත් කරන බව එම සමාමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් / වෙළෙඳ) කපිල රාජපක්ෂ පවසනවා.

නෙල්නා (Nelna) සමාගමට වසර 20ක් සැපිරීම හේතුවෙන් ඊයේ (30) කොළඹ ලයිට් හවුස් ගැලේ හෝටලයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියාසිටියා.

සිය පාරිභෝගිකයන්ගේ, වෙළඳ මහතුන්ගේ හා බෙදාහරින්නන්ගේ දැඩි ඉල්ලීම මත නෙල්නා සමාගමේ සභාපති එඩී ගුණපාල නානායක්කාර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වසර 2014 දී ද මෙවැනිම තත්ත්වයක් ඇතිවීමෙන් හලාල් ලාංඡනය ඉවත් කිරීමට සිදුවූ බවත්, එහිදී සිය ආයතනයට ලක්ෂ 60ක පමණ අලාභයක් සිදුවූ බවත්, කෙසේවුවද පසුව ඇතිවූ බලපෑම් හේතුවෙන් නැවත හලාල් ලාංඡනය ගැනීමට තවත් ලක්ෂ 60ක් පමණ වියදම් වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ පාඩුව සිදුවන්නේ සාමාන්‍යයෙන් තුන්මසකට ඇසුරුම් ගබඩාකර තබාගැනීම අත්‍යවශ්‍ය වන බැවින් එසේ ලාංඡනයක් ඉවත් කිරීමට හෝ එකතු කිරීමට සිදුවන විට ගබඩා කර තැබූ ඇසුරුම් විනාශ කිරීමට හා නව ඇසුරුම් නිෂ්පාදනය සඳහා අච්චු සැකසීමට යන කාරණා වලට වැයවන වියදම නිසා යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here