Home Hit සහරාන්ගේ පළමු ගොදුර වූ මොහොමඩ් රසක් තස්ලීම්

සහරාන්ගේ පළමු ගොදුර වූ මොහොමඩ් රසක් තස්ලීම්

1206
0

පාස්කු ඉරුදින ප්‍රහාරයන් සමඟ ලංකාවේ බලධාරීන් මෙරටට ඉස්ලාම් ත්‍රස්තවාදයේ තත්වාකාරී බලපෑමක් ඇති බව තේරුම් ගෙන ඇතැයි බීබීසී මාධ්‍ය වාර්තාකර සිටිනවා.

බීබීසී මාධ්‍යවේදී Secunder Kermani විසින් හෙළිදරව් කරන පරිදි මොහොමඩ් රසක් තස්ලීම් මාර්තු මාසයේදී අන්තවාදී ත්‍රස්තයෙකුගේ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට රෝහල්ගතව සිටිනවා.

පොලීසිය පවසන පරිදි අප්‍රේල් මස සිදුවූ අන්තවාදී පාස්කු ප්‍රහාරයන්ගේ ප්‍රථම ඉලක්කයෙන් විපතට පත් වූ අයෙකු ලෙසයි මොහොමඩ් රසක් තස්ලීම් හඳුනාගත හැක්කේ.

තස්ලීම්ට වෙඩි තැබීමේ සැළසුම ක්‍රියාත්මක කර ඇත්තේ ද පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින්.

තිදරු පියෙකු වන තස්ලීම් 37 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර මධ්‍යම පළාතේ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

එයට අමතරව තස්ලීම් කැබිනට් අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ඔහු අන්තවාදය වැපිරීමට එරෙහි පරීක්ෂණ වල ඉදිරියෙන්ම සිටි අයෙකි.

Secunder Kermani පෙන්වා දෙන්නේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කටයුතු කරනු ලැබූ අයෙකු ලෙස තස්ලීම් කඳිම උදාහරණයක් බවයි.

2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි පමුණුවමින් ඒවා විනාශ කිරීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද තස්ලීම් ඉදිරියෙන්ම සිට සොයා බැලූ අයෙකි.

තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා Kermani සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

”තස්ලීම් නිතරම හැමෝටම උදව් කරපු කෙනෙක්. ගංවතුර, නායයෑම් වලදී පළාතේ ජනතාවට සහන සළසන්න හැමවෙලේම කටයුතු කරපු කෙනෙක්. ඒ වැඩ කටයුතු හැමදෙයක්ම සම්බන්ධීකරණය කළෙත් තස්ලීම් විසින්මයි. මාවනැල්ලේ බුදුපිළිම කඩපු වෙලාවෙත් ඒවා ගැන සොයා බැලුවා. ඔහු නිතරම කිව්වේ මිනිස්සු මොන ආගමේ, මොන ජාතියේ වුණත් සහයෝගයෙන් ඉන්න ඕන, එකට ඉන්න ඕන කියලා. වැරදි කරපු අය අල්ලලා දීලා බලධාරීන්ට උදව් කරන්න ඕන කියලා නිතර කිව්වා. ඔහු නිතරම කිව්වේ තමන්ගේ ආගමේ හැටියට කාටවත් කරදරයක් නොකළ යුතුයි කියලා.”

මාවනැල්ලේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බනධයෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන සදීක් සහ ශාහික් අබ්දුල් දෙදෙනාගේ නම් ආණ්ඩුව විසින් Most Wanted ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි.

ඔවුන් 2014 වසරේ සිරියාවට ගොස් IS ත්‍රස්ත මෙහෙයුම් වලට සම්බන්ධව පුහුණු වී ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙම සහෝදරයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වන නම හෙළිකිරීමට අකමැති ඥාති සහෝදරයෙකු සඳහන් කළේ ඔවුන්ගේ දේශනා වල සඳහන් වී ඇත්තේ ලංකාව අල්ලාගේ භූමියක් වන අතර වෙනත් කිසිඳු ඇදහීමකට ඉඩක් නොමැති බවත් , මුස්ලිම් නොවන අය ආගම වැළඳගත යුතු අතර එසේ නොමැති නම් ජිස්යා නම් ඉස්ලාමීය බද්ධ ගෙවිය යුතු බවතය.

ඔවුන් දෙදෙනා දැඩි ආගමික පසුබිමක් ඇති පවුල් වලින් පැවත එන අතර ඔවුන් ජිහාඩ් යන්න මිලිටරිකරණය පාර්ශවයෙන් දැඩිව වැළඳගත් අය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එම සහෝදරයින්ගේ ඥාති සහෝදරයෙකු වන අෆ්වාන් අබ්දුල් හලීම් ඉස්ලාමීය ශිෂ්‍ය සංගමයක උප සභාපති ලෙස කටයුතු කරන අතර ඔහු පවසා සිටින්නේ සිය සහෝදරයින් දෙදෙනාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් 2015 වසරේ එම සංගමයෙන් ඔවුන් ඉවත් කළ බවයි.

අෆ්වාන් පෙන්වා දෙන්නේ 2018 වසරේ නුවර දී සිදු වූ මුස්ලිම් – සිංහල ගැටුමෙන් අනතුරුව මෙම සහෝදරන් දෙදෙනා සඳහන් කර ඇත්තේ, ” සිංහල අය අපේ ජීවිත හා දේපොළ හානි කරනවා. මේ දේට අපි මොනවා හරි කරන්න ඕන.” යනුවෙනුයි.

එම වකවානුවේ පොලීස් පරීක්ෂණ වලට තස්ලීම් සිය සහය ලබා දී තිබෙනවා.

එමෙන්ම ජනවාරි මාසයේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු තස්ලීම්ට දැනගන්නට ලැබී ඇත්තේ 100kgකට අධික පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයාගැනීමට හැකි වූ බවයි.

තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා සඳහන් කරන පරිදි, ඒ සම්බන්ධයෙන් තස්ලීම් දැඩි කනස්සලෙන් සිටි බවයි.

විශාල විනාසයක් සිදුවිය හැකි බවට තස්ලීම් ප්‍රකාශ කර සිටි බව ද ඇය කියා සිටියා.

බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කියා සිටි නමුත් ඔවුන් ඒ ගැන සැලකිල්ලක් නොදැක් වූ බව ද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆාතිම වැඩිදුරටත් කියා සිටින්නේ, මාර්තු මාසයේ දිනක පාන්දරම තම නිවසට තුවක්කුකරුවෙකු පැමිණි බවත් දරුවන් තිදෙනා සමඟ නිදාගෙන සිටි තස්ලීම්ගේ හිසට ඔහු වෙඩි තබා පළාගිය බවත්ය.

එවෙලේ තමන් සිතුවේ ජංගම දුරකථන චාජරයක් පුපුරා ගිය බවත් තස්ලීම්ගේ හිසට වෙඩි තබා ඇති බව දැකීමෙන් තමන් කම්පනයට පත්ව ඔහු එතනම මියගිය බව සිතූ බවත්ය.

හැඬු කඳුලින් අදහස් දක්වමින් ඇය පවසන්නේ තස්ලීම් සම්පුර්ණයෙන්ම සුව වෙයි ද යන්න තමන් නොදන්නා බවත් අංශභාග තත්වයකට මුහුණ දීමට ඔහුට සිදුවිය හැකි බව වෛද්‍යවරුන් සැකපළ කරන බවත්ය.

මේ වන විට තස්ලීම්ට කතා කිරීමට නොහැකි අතර ඇසෙන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමට ඔහු කඩදාසියක ලිවීමෙන් කටයුතු කරන බවත් ඔහුගේ ශරීරයේ වම් කොටස අකර්මණ්‍යව පවතින බවත් ෆාතිමා වැඩිදුරටත් කියා සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තස්ලීම්ට කියූ විට ඔහු පවසා ඇත්තේ, ” මම කිව්වා ඔයාලට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා” යනුවෙන් පැවසූ බවයි ෆාතිමා කියා සිටින්නේ.

තස්ලීම්ට කතා කිරීමට හැකියාව තිබියදී ඔහු කියා ඇත්තේ, ”ස්වාමිපුරුෂයා විදියටත්, දරුවන් තිදෙනෙකුගේ පියෙකු විදියටත් අවශ්‍ය හැම දේම දීලා තියනවා. මැරුණාම අපි කවුරුත් පවුලක් විදියට අපිට අපේ පාරාදීසයට යන්න පුළුවන්. ඒ නිසා නිතරම හැම කෙනෙකුටම උදව් කරන්න” යනුවෙන් බවයි ෆාතිමා කියා සිටින්නේ.

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here