Home Sports ‘‘ශ‍්‍රී ලංකාව ගැන පුදුමයි’’ – පළමු තරගයෙන් පසු මෝර්ගන් මාධ්‍යට කියූ දේ

‘‘ශ‍්‍රී ලංකාව ගැන පුදුමයි’’ – පළමු තරගයෙන් පසු මෝර්ගන් මාධ්‍යට කියූ දේ

773
0

මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පුදුමු සහගත කරුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ තේරීම් බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පවසනවා.

එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ජොෆ්ර ආචර් මෙම තරගාවලියේ විස්මයජනක ක‍්‍රීඩකයා වනු ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ, ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

වසර ගණනාවකින් ක‍්‍රීඩා නොකළ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකා සංචිතයට නම් කිරීම අතිශය පුදුම සහගත බවයි ඉයන් මෝර්ගන් කියාසිටියේ.

එම තීරණයෙන් තමා බොහෝ සෙයින් පුදුමයට පත් වූ බව මෝර්ගන් පවසා සිටියා.

කෙසේ වෙතත්, ජොෆ්ර ආචර්ගේ පන්දු යැවීමේ විලාශය තවත් කණ්ඩායම ශක්තිමත් කරන බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here