Home Local කැළණිය සරසවියේ පීඨ 03ක් සඳුදා සිට විවර කරයි

කැළණිය සරසවියේ පීඨ 03ක් සඳුදා සිට විවර කරයි

225
0

කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ 03ක අධ්‍යන කටයුතු ලබන සඳුදා (03) සිට නැවත අරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු යළිත් සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන නව ආරක්ෂක වැඩපිළිවෙළයට අනුකූලව කටයුතු කිරීමට ඔවුන් එකඟ විම හේතුවෙන් මෙසේ එම පීඨ තුනේ අධ්‍යන කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.

සරසවියේ වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨවල අධ්‍යන කටයුතු ඊයේ (30) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමට පාලනාධිකාරිය කටයුතු කළේ ආරක්ෂක වැඩපිළි‍වෙළට සිසුන් සුළු පිරිසක් එකඟ නොවීම හේතුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here