Home Local අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වැරදි ගැන ආණ්ඩුකාර හිස්බුල්ලා මක්කම සිට කියයි

අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වැරදි ගැන ආණ්ඩුකාර හිස්බුල්ලා මක්කම සිට කියයි

504
0

”මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයොජනයට ගනිමින් පල්ලි කඩා බිද දැමිම තවුහිත් ,තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් අප අතර ගැටිම ඉතා භායනක ක්‍රියාවක්” බැව් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ තවුහිත් ජමාත් පල්ලිය මුස්ලිම්වරු කඩාදැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මුස්ලිම්වරු තමන් අතර ගැටි තමන්ම විනාශ විය යුතු නොමැති බවත් මෙවැනි සිදුවිම් ඇතිකිරීම ත්‍රස්ථවාදින්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටිමෙන් ප්‍රශ්නයට පිළිතුරු සොයාගත නොහැකි බවත් පවසනවා.

මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කර සමස්ථ ලංකා ජම් ඉතුල් උලමා සභාව මුස්ලිම් නායකයන්, මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීන්දු ගතයුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකලයුතු බව පවසනවා.

විශේෂයෙන් පල්ලි කැඩිම, තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදන නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම, ආගමික බෙදීම් ඇති කිරිම ඉතා පහත්, නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බවයි ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here