Home Hit ”ආරක්ෂක මණ්ඩලය මාස 02ක් රැස්ව නොසිටීම විශාල වරදක්” – මහින්ද තංගල්ලේ දී...

”ආරක්ෂක මණ්ඩලය මාස 02ක් රැස්ව නොසිටීම විශාල වරදක්” – මහින්ද තංගල්ලේ දී කියයි

494
0

මාස 02ක කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩලය රැස් නොවීම වරදක් බවද ඉන් පැහැදිලි වන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අද (30) තංගල්ලේදී ප්‍රකාශ කර සිටියා.

පසුගිය වසරේ පැවැති පළාත් පාළන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වී ගාල්ල කොට්ඨාසයෙන් වැඩිම මනාප දිනාගත් අනුරාධ ගයාන් ලොකුයද්දෙහිගේ ගාල්ල මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

එම ස්වාධීන කණ්ඩාමයේ නායක යූ.ජී.කුලතිලක වසරක කාලයක් මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි අතර ඉන් අනතුරුව අනුරාධ ගයාන් දිවුරුම් දෙනු ලැබුවා.

මන්ත්‍රීවරයා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් වෙත සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

”මගේ කාලයේදී නම් ආරක්ෂක මණ්ඩලයට සතියකට වාරයක් රැස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ. බුද්ධි අංශ තොරතුරු ගැන යුද්ධයේ තත්ත්වය ගැන හැමකෙනාම කරුණු ඉදිරිපත් කළා. සතියකට වාරයක් අපි රැස් වුණා. යුද්ධය අවසන් වූවාට පසුවත් රැස්වුණා. මාස 02ක් තිස්සේ ආරක්ෂක මණ්ඩලය රැස් නොවීම ලොකු වරදක්. එයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බව. අදාල නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැහැ. මොකද ඉතාමත් පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ.

ඉන්දියාවෙන් 04 වෙනිදා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේදී 09 වැනිදා ලැබුණා කියනවා. නමුත් ඒ අය දන්නෙ නැහැ ලැබුනෙ කොහෙන්ද කියලා. කොහොමහරි එදා රැස්වීම රැස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයාබලා කටයුතු කරන්න උනන්දුවෙලා නැහැ. මේ අයට නීති අදාල වෙන්නේ නැහැ. ඒ අය ඉන්නෙ නීතියට උඩින්. අපිට තමයි කෑ ගැහුවෙ. නමුත් මෙයයි දැන් රටේ තත්ත්වය.” යනුවෙන් ඔහු කියා සිටියා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here