Home Local රටවල් තුනකින් නව විදුලි බලාගාර තුනක් මිලදී ගැනීමේ සූදානමක්

රටවල් තුනකින් නව විදුලි බලාගාර තුනක් මිලදී ගැනීමේ සූදානමක්

445
0

මෙගාවොට් 300 බැගින් විදුලිය නිශ්පාදනය කළ හැකි විදෙස් බලාගාර තුනක් විදෙස් රටවල් තුනකින් මිලදී ගැනීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව චීනයෙන් මෙගාවොට් 300ක්, ජපානයෙන් මෙගාවොට් 300ක් හා ඉන්දියාවෙන් මෙගාවොට් 300ක් ලෙස මෙගාවොට් 900ක් නිපදවන බලාගාර 03ක් මිලදී ගැනීමට නියමිතය.

2022 වර්ශයෙන් පසුව භාවිතයට ගැනීමට හැකි පරිදි මෙලෙස බලාගාර මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර, ඒ අතරතුර කාලයේදී විදුලි අවශ්‍යතාවයන් ඇතිවුවහොත් හදිසි විදුලිය යටතේ විදුලිය මිලදී ගැනීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා,

ඉදිරියේදී අපි චීනයෙන් මෙගාවොට් 300, ජපානයෙන් මෙගාවොට් 300, ඉන්දියාවෙන් මෙගාවොට් 300ක් ආදී වශයෙන් බලාගාර තුනක් ගන්නයි හදන්නේ. මෙම බලාගාර සියල්ලක්ම එන්නේ 2022න් පස්සේ. ඒ වෙනකල් අපිට විදුලි හිඟයක් එනවා.

විදුලිබල පණතට අනුව 43-4-සී11 යටතේ අපට හදිසි විදුලිය මිලදී ගැනීමක මිල, ටෙන්ඩර් මිලට වඩා සෑහීමකට පත්වනවා නම්, එම හදිසි මිලදී ගැනීම සිදුකල හැක. ඒ ක්‍රියාපටිපාටිය යටතේ තමයි අපි මිලදී ගැනීම සිදුකලේ” යැයි පැවසීය.

-චාමර සම්පත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here