Home Hit ඉන්දියාවට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්

ඉන්දියාවට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්

286
0

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිතුමා හරසරින් පිළිගන්නා ලදි.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අවස්තාවේදීය .ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා වූ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට සෙසු රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here