Home Hit මෝදිගේ දිවුරුමට සියල්ල සූදානම් – දෙස් විදෙස් ආරාධිතයින් 8000ක් – PHOTOS

මෝදිගේ දිවුරුමට සියල්ල සූදානම් – දෙස් විදෙස් ආරාධිතයින් 8000ක් – PHOTOS

243
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (30) පස්වරු 07ට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ත් ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

මේ සදහා බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, නේපාලය සහ භූතානය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවුරුම්දීමේ උත්සවයට ආරාධිතයින් 8000ක් පමණ සහභාගී වනු ඇති බවයි සඳහන් වන්නේ.

අද උදෑසන ඉන්දීය ආග්‍රාමාත්‍යවරයා මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකය සහ රණවිරු ස්මාරකය අභියසට ගොස් ගෞරවය දක්වනු ලැබුවා.

Related image
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here