Home Hit විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජුනි මස සිට ඇරඹෙයි

විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජුනි මස සිට ඇරඹෙයි

305
0

2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා කණ්ඩායම් 02ක් එකවර බඳවා ගැනීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

2012 සහ 2013 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතු වූ ගැටලු ද නිරාකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙලෙස කණ්ඩායම් 02ක් වශයෙන් බ‍ඳවා ගැනීමට නියමිතයි.

මේ අනුව පාඨමාලා 27ක් සඳහා 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිළුල මත 4000ක් ද, 2017 වර්ෂයේ ප්‍රතිඵල මත 4000ක් ද වශයෙන් මුළු ශික්ෂණලාභීන් 8000ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 ක් සඳහා බඳවා ගැනීමට නියමිතයි.

2019 ජූනි මස මුල් සතියේ දී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි තැපැල් කිරිම සිදුකෙරෙන අතර ජූනි මස තෙවන සතියේ සිට විද්‍යාපීඨ මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here