Home Hit ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

310
0

ක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 03ට ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇත.

මෙවර තරගාවලිය දින 46ක් පුරා ක‍්‍රීඩාංගන 11කදී පැවැත්වෙන අතර, අවසන් තරගය ද ඇතුළුව තරග 48ක් පැවැත්වීමට නියමිතයි.

තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 10ක් වන අතර එම සියලු කණ්ඩායම් ප‍්‍රතිවාදී සියලු කණ්ඩායම් සමගින් තරග වැදීම මෙවර විශේෂත්වයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here