Home Local දකුණේ නව පත්වීම් ලැබූ අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක්

දකුණේ නව පත්වීම් ලැබූ අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක්

273
0

දකුණු පළාතේ පාසල් වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117ක අමතර වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

දකුණු පළාතේ පාසල් 1113ක් පිහිටා ඇති අතර පසුගිය මාසයේ මෙම පාසල්වලට අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් 2543 දෙනෙකු සහ ගුරුවරුන් 934 දෙනෙකු බඳවා ගෙන ඇති බව සඳහන්.

වැඩිම අනධ්‍යයන සේවකයින් බඳවාගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

පාසල් කම්කරු, පාසල් මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක, සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා මෙලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් බඳවා ගෙන තිබෙනවා.

අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවාගත් 2543ට වැටුප් ගෙවිම සඳහා මාසයකට රුපියල් මිලියන 84ක් ද ගුරුවරුන් 934ට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් මිලියන 33ක් ද වශයෙන් මෙසේ මාසයකට රුපියල් මිලියන 114 ක අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව සඳහන්.

ඩී.ජී. සුගතපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here