Home Hit මුල් ම ටයිටැනික් යාත්‍රාව ගමන් කළ මාර්ගයේම 2022 දී ගමන් කරන ටයිටැනික්...

මුල් ම ටයිටැනික් යාත්‍රාව ගමන් කළ මාර්ගයේම 2022 දී ගමන් කරන ටයිටැනික් II

908
0

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් ටයිටැනික්  II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමට නියමිත ය. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේ ම ගමන් කිරීමට නැව් සමාගම තීරණය කර තිබේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව් යෝර්ක් නගර අතර සිදු කිරීමෙ දී අයිස් කන්දක වැදීමෙන් මුල් නැව මුහුදුබත් විය.

මුල් ටයිටැනික් නැවේ මෙන් ම පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ අතර ටයිටැනික් නැවටම ආවේණික ප්‍රදාන පඩිපෙළ මෙම ටයිටැනික්  II යාත්‍රාවේ ද නිර්මාණය කර තිබේ.

ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යනු ඇත.

2013 වසරේදී මෙම නැව ඉදි කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත්කිරීමේ ව්‍යාපෘතිය වසර ගණනාවක් තිස්සේ සිදු කර ඇති අතර, මාදිලි කිහිපයක් සහ අත්හදා බැලීම් කීපයක් තිබියදීත් සිදු කරනු ලබී ය, නමුත් යම් යම් මූල්‍ය ආරවුල් හේතුවෙන් එය අවුල් විය.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය 2022 දියත් කර ඇති අතර, නිශ්චිත දිනය තවම තහවුරු කර නොමැත.

බ්ලූ ලයින් සමාගම ඔවුන් ගේ ප්‍රදාන මූලස්තානය පැරිස් වල පිහිටුවන බව පවසා ඇති අතර එහි සභාපතිවරයා පවසන්නේ යුරෝපයෙන් පිටත යුරෝපීය සමාගමක මූලස්තානය පිහිටා තිබීම සුළු දෙයක් නොවන බවයි.  යුරෝපයේ කාර්‍යාලයක් ආරම්භ කිරීම පිළිබද තවම තීරණය කර නොමැති අතර පැරීසිය ඒ සදහා හොදම ස්තානය බව පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here