Home Hit ”පළාත් සභා මැතිවරණය හොරු ඉස්සුවා” – මැතිවරණ කොමසාරිස් (VIDEO)

”පළාත් සභා මැතිවරණය හොරු ඉස්සුවා” – මැතිවරණ කොමසාරිස් (VIDEO)

261
0

දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරණය දෙසැම්බර් 09 වනදාත් නොවැම්බර් 09 වනදාත් අතර දිනයක පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව නොවැම්බර් 15 වනදාත් දෙසැම්බර් 07 වනදාත් අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු නිව්ස්හබ් කළ විමසීමක දී කියා සිටියේ.

නාමයෝජනා දැන්වීම ඔක්තෝම්බර් 20 වනදා සිදුකළ යුතු අතර නොවැම්බර් මස මුල් සතිය තුළ නාමයෝජනා කැඳවන බවයි කොමසාරිස්වරයා සඳහන් කර සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා,

”ජනාධිපතිවරණය කල් දමන්න බෑ. බැලූ බැල්මට තියන්න ඕන පළාත් සභා මැතිවරණය. ඒක ඉතින් හොරු අරන් නේ. ඒක අධිකරණයට ගිහින් තියනවා, ඒක හොයලා දෙන්න කියලා. ඒක හොරු අරගෙන ගිහින් තියනවා කියනවා. මං හොරු කවුද කියලා කියන්න යන්නේ නෑ. නමුත් අධිකරණය ඉදිරියේ තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි ඕන නම් පාර්ලිමේන්තු මහා මැතිවරණයක් තියන්න පුළුවන් පාර්ලිමේන්තුව එකතුවෙලා ස්වෙච්ජාවෙන් විසිරුණා කිව්වොත් ඒකත් කලින් තියන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරණයත් තියන්න පුළුවන්. හැබැයි තියන්න ඕන ඒක තමයි. ශේඩියුල් ඉලෙක්ෂන් එක තමයි පළාත් සභා 08ක ජන්ද විමසීම” ලෙස සඳහන් කර සිටියා.

Elections Commissioner comments on Presidential poll date

ජනාධිපතිවරණය පැවැත්වෙන හරිම දිනය ගැන මැකො කියයි

Posted by Newshub.lk on Tuesday, May 28, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here