Home Hit ලංකාව දෙවන පෙරහුරුවෙනුත් පරදියි

ලංකාව දෙවන පෙරහුරුවෙනුත් පරදියි

273
0

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගය වටයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 239ක් ලබා ගත්තා.

ළහිරු තිරිමාන්න ලකුණු 56ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 02ක් බිද හෙලු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 44.5ක් අවසානයේ කඩුලු 05ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

උස්මාන් කවාජා ලකුණු 89යි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2ක් බිද හෙලුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here