Home Hit ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් තවදුරටත්

ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් තවදුරටත්

288
0

යුද හමුදාව හා පොලීසිය එක්බද්ධව දුම්මලසූරිය, යදම්වෙල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙට්‍රල් බෝම්බ 08ක්, යතුරු පැදියක් හා රුපියල් 5 60,000ක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබූ ආරක්ෂක අංශය භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර බේරුවල, මරදාන වරාය පාර ප්‍රදේශයේ හා මහගොඩ යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකින් යුදහමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සොයා ගෙන තිබෙනවා.

එහිදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here